මෙරට පුරාණෝක්ති
ශ්‍රී ලංකාවේ අතීත ගුවන් තාක්ෂණය පිළිබඳ මෙරට පුරාණෝක්ති –
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රකටව ඇත්තේ එහි ආශ්චර්යය නිසයි. පුරාණයේ එහි භාවිත වුණු ගගන තාක්ෂණය ඒ අතරින් එකකි.
ශ්‍රී ලංකාවේ පෞරාණික ගුවන් තාක්ෂණය සම්බන්ධ කිසිවක් ඔබට අසන්නට දකින්නට ලැබී ඇත්නම් ඒ අත්දැකීම් මා වෙත දන්වන මෙන් මම ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකාවේ අතීත ගුවන් තාක්ෂණය පිළිබඳ කරුණු අඩංගු කතාන්දර ඔබ කියවා ඇත්නම් හෝ එවැනි කතාන්දර ඔබට අසන්නට ලැබී ඇත්නම් හෝ ඒ කතාන්දර මා වෙත දන්වා එවන්න ඔබට ඉඩකඩ තිබේ.
ඒ සඳහා සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ භාෂාවක් භාවිතයට ගන්නට ඔබට නිදහස ඇත. ඔබේ කතාව මතු දැක්වෙන ශීර්ෂවලට අයත් විය යුතුය.
- පුරාණ ගුවන් නියමුවන්
- පුරාණ ගුවන් යානා
- පුරාණ ගුවන්තොටුපොළ
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සිතුවම්
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ කැටයම්
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ මානව කෘති
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නර්තන
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නාද රටා
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ද්වාර කර්ම
- ගුවන් තාක්ෂණයට සම්බන්ධ පුරාණ කාර්මික ශිල්පයන්
- අභිරහස් ස්ථාන හෝ පුරා විද්‍යාත්මක වශයෙන් හෝ වැදගත් ස්ථාන
- පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ජනප්‍රවාද
ලුහුඬු සටහන්, හඬපට සහ වීඩියෝ ඇමුණුම් හෝ වෙනත් කිසිවක් හෝ භාවිතයට ගනිමින් ඔබට ඔබේ කතාව ඉදිරිපත් කළ හැකිය.