ශ්‍රී ලංකාවේ ගුවන් පුරා විද්‍යාව
ගුවන් පුරාවිද්‍යාව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කෙරෙන පර්යේෂණයට මේ වියුණු සටහන වෙන්කර ඇත

  • English
  • සිංහල
  • தமிழ்
  • මුල් පිටුව
  • පර්යේෂණ සන්දර්භය
    • පර්යේෂණ පසුබිම
    • පර්යේෂකයා පිළිබඳව
    • පර්යේෂණයේ අධික්ෂකයන්
  • පුරාණෝක්ති
    • අන්තර්ජාතික පුරාණෝක්ති
    • මෙරට පුරාණෝක්ති
  • පෞද්ගලික සම්මුඛ සාකච්ඡා
  • ලිඛිත සාක්ෂි
  • පුරාණ ගුවන් තොටුපලවල්
  • සම්බන්ධ වන්න
  • 1
  • 2
  • 3

ශ්‍රී ලංකාවේ ගුවන් පුරා විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි නිර්මාතෘ

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්ච BSc(Def)

පර්යේෂක

ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රය විශ්මය ජනක ශක්‍යතා සහිත ක්ෂේත්‍රයකි. ගුවන් තාක්ෂණය, ගමනාගමනය, සංචාරක කටයුතු සහ රටක සංස්කෘතිය අසීමාන්තික ලෙස යහපත්ව පෝෂණය කිරීමේ හැකියාව එයට ඇත. ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ තරුණ කොටස්වලට ව්‍යවසායකත්ව පහසුකම් පුළුල්වීමක් ද සිදුවේ. අභිරහස්, පුරාණෝක්ති සහ ආනුභවික සාක්ෂි මේ විෂය ක්ෂේත්‍රය තුළ සුලභව දැකිය හැකිය. අතීතයත් වර්තමානයත් එකට ඈඳන ඉතා විචිත්‍රවත් ගෙත්තමක් ඒ හරහා මතුවේ. ඉන්මතු ඒ වියමන අනාගතය කරා ද දිවෙයි. ගුවන් නැවියටත්, වික්‍රමයන් පාන්නන්ටත්, නිදහස් මතධාරීන්ටත්, පර්යේෂකයන්ටත්, අංකුර ව්‍යාවසයකයන්ටත් මේ ක්ෂේත්‍රය තුළ ඉතාමත් යහපත් ප්‍රවණතාවන් ඇතිවන බවට, ගුවන් පුරා විද්‍යා ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන අයත් එම ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයෝත් නිමිති පළ කරති. අහස මායිම වීම ම එහි භාව්‍යයයි. ගුවන් පුරා විද්‍යා විෂයය ක්ෂේත්‍රය ගැන බලාපොරොත්තු තබා ගැනීමටත් එම විෂයය ක්ෂේත්‍රය භුක්ති විඳීමටත් දැන් ඔබට අවස්ථාව හිමිව ඇත. මේ වියුණු සටහන (බ්ලොග් එක) සකසා මා එය පවත්වාගෙන යන්නේ මා කරගෙන යන පශ්චාද් උපාධි පර්යේෂණයට, දකුණු ආසියාවේ ගුවන් පුරාවිද්‍යාව පිළිබඳව දත්ත ඒකරාශීකර ගැනීම සඳහායි.

DOWNLOAD RESEARCH QUESTIONER
SINHALA    TAMIL    ENGLISH



Join the Blog

POPULAR

මේ මාතෘකාවලට අයත් කුමන ආකාරයේ හෝ තොරතුරු වේ නම් යොමුකරන්න. පුරාණ ගුවන් නියමුවන් පුරාණ ගුවන් යානා පුරාණ ගුවන්තොටුපොළ පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සිතුවම් පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ කැටයම් පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ මානව කෘති පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නර්තන පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නාද රටා පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ද්වාර කර්ම ගුවන් තාක්ෂණයට සම්බන්ධ පුරාණ කාර්මික ශිල්පයන් අභිරහස් ස්ථාන හෝ පුරා විද්‍යාත්මක වශයෙන් හෝ වැදගත් ස්ථාන පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ජනප්‍රවාද

හැදින්වීම

ගුවන් පුරා විද්‍යාව මතභේදයට තුඩු දී ඇති විෂයය ක්ෂේත්‍රයකි. එහි අක් මුල් දෙවන ලෝක යුධ සමය දක්වා විහිදෙයි. මේ විෂයය ආරම්භ වන්නේ දෙවන ලෝක යුධ සමයේදී වෙඩි තබා බිම හෙලන ලද ගුවන් යානාවල සුන්බුන් සොයා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවන් කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟයි. පෞරාණික වටිනාකමක් ඇති ක්ෂේත්‍ර මැනීම, කැණීම මෙන්ම ඒ ස්ථාන ආශ්‍රිතව දත්ත ඒකරාශීකරණය පුරාවිද්‍යා විෂයය සමඟ බැඳී ඇත. එමෙන්ම පුරා විද්‍යාවේ විෂයය පථය පර්යේෂණ සමඟ ද දැඩි ලෙස බද්ධව පවතී. ...


වැඩිදුර කියවන්න >

සබැඳි

    • මුල් පිටුව
    • ලාංඡනය
    • අපේ ව්‍යාපෘති
    • මෙරට පුරාණෝක්ති

Newsletter

Subscribe to our email newsletter for useful tips and valuable resources.

© Copyright 2016 - Web Solution by IMOVIL