හැදින්වීම

ගුවන් පුරා විද්‍යාව මතභේදයට තුඩු දී ඇති විෂයය ක්ෂේත්‍රයකි. එහි අක් මුල් දෙවන ලෝක යුධ සමය දක්වා විහිදෙයි. මේ විෂයය ආරම්භ වන්නේ දෙවන ලෝක යුධ සමයේදී වෙඩි තබා බිම හෙලන ලද ගුවන් යානාවල සුන්බුන් සොයා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවන් කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟයි.

පෞරාණික වටිනාකමක් ඇති ක්ෂේත්‍ර මැනීම, කැණීම මෙන්ම ඒ ස්ථාන ආශ්‍රිතව දත්ත ඒකරාශීකරණය පුරාවිද්‍යා විෂයය සමඟ බැඳී ඇත. එමෙන්ම පුරා විද්‍යාවේ  විෂයය පථය පර්යේෂණ සමඟ ද දැඩි ලෙස බද්ධව පවතී.

වසර ගණනාවක් තිස්සේ ලෝකය පුරා ගොඩනැඟුණු පුරාණ ජන සාහිත්‍යයෙහි අතීත ගුවන් ප්‍රවාහන කටයුතු පිළිබඳව ද තොරතුරු ඇත. මේ නිසා ගුවන් පුරා විද්‍යාව හැදෑරිය යුතු වන්නේ ඉතා පුළුල් දෘෂ්ටිකෝණයකින් බව අවිවාදයෙන් තොර කාරණයකි.

 

ලෝකය පුරා බිහිවුණු විවිධ ශිෂ්ටාචාරවල ජනයා අනාගත තාක්ෂණයන් සිතෙහි මවා ගත්තේ එක්කෝ ඔවුන් ඇසූ පිරූ තාක්ෂණයට සාපේක්ෂවය; එහෙමත් නැත්නම් අමුතුවෙන්ම මවාගත් සංකල්පයන් සමඟිනි. එනිසා මේ මූලධර්මය මිනිසුන්ගේ සිතුවිලි බලගැන්වීමටත් මිනිසාගේ නිර්මාණශීලිත්වය ගොඩනැඟීමටත් භාවිත කරන්නට පුළුවන.

ප්‍රාග් ඓතිහාසික අවධියේදී අනුපමේය ගුවන් තාක්ෂණයක් පැවැති බව හැඟවෙන පුරාණෝක්ති ශ්‍රී ලංකාවේ ජන සාහිත්‍යයේ ද දක්නට ලැබේ.

රාවණා රජු, සීතා දේවිය “පුෂ්පක විමානයකින්” ලංකාවට රැගෙන ආ බව රාමායණයෙහි සඳහන් වේ. “පුෂ්පක  විමාන” යනු “දඬුමොනරය” යන්නයි. වෙනත් විධියකට හැඳින්වුවහොත් එය, විශාල මොනර යන්ත්‍රයකි. දඬුමොනරය වශයෙන් හැඳින්වෙන අහස් යාත්‍රාව භාවිතයට ගෙන ලෝ වටා ගිය පළමු රජු හැටියට නම් කළ හැකි වන්නේ ද රාවණා රජුය. දඬුමොනරය යනුවෙන් හඳුන්වනු ලැබූ අහස් යානයක් ගැන තොරතුරු ශිලා ලේඛන, ජාතක කතා සහ පුස්කොළ අත්පිටපත්වල සඳහන් වේ. දඬුමොනරය ධාවනය කිරීම සඳහා රාවණා රජු රසදිය භාවිත කළේයැයි විශ්වාස කෙරේ.

දඬුමොනරය පිළිබඳ මේ පිළිබිඹුව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආවේ පුරාතන සාහිත්‍යයයි.

මේ වියුණු සටහන (බ්ලොග් එක) පවත්වාගෙන යන්නේ  මගේ පශ්චාද් උපාධි පරේෂණයට අවශ්‍ය දකුණු ආසියාවේ පුරාණ