අතීත ආකාශ තරණ වැඩ පිළිවෙල හා සම්බන්ධව පැවතියේයැයි කියන ක්ෂේත්‍ර ගැන සඳහන් මුඛ පරම්පරාගත කතා සහ වාචික නොවන සාම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් ඇත. අතීත ශ්‍රී ලංකාවේ ආකාශ තරණ වැඩපිළිවෙල ගැන වාල්මිකීගේ රාමායණයෙහිත් තොරතුරු සඳහන් වේ.
අතීත ආකාශ යාත්‍රාවන් ඉන්දියාවේ එල්ලෝරා ලෙන් කැටයම්වලින්ද නිරූපණය වේ. ඒ හැරුණු විට තවත් වැදගත් භාරතීය කෘතියක් ලෙස “විමානක සාත්‍රම්” කෘතිය හඳුන්වන්නට පුළුවන. අතීත ගගන යාත්‍රාවන් පැදවීමේ තාක්ෂණය ගැන තොරතුරු රැසක් එහි අඩංගුය.
මේ සන්දර්භය තුළ වැදගත් ගැටළු රැසක් මතු වේ.
1. පුරාණ ගුවන් තාක්ෂණය සම්බන්ධයෙන් ලිඛිත වශයෙන් හෝ අලිඛිත වශයෙන් හෝ මෙවැනි සාධක පවතින්නේ ඇයි?.
2. පළමුව මතු කර දක්වන ලද තොරතුරු මානව සංස්කෘතීන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?.
3. වාචික මෙන්ම අවාචික සම්ප්‍රදායන් සහ පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ක්ෂේත්‍ර අතර සහසම්බන්ධතාව ගොඩ නැඟෙන්නේ කෙසේද?.
4. මේ අන්දමට පුරාණෝක්තිවල දැක්වෙන තොරතුරු සත්‍යද?.
5. ගුවන් තාක්ෂණයක් පැවැතීමට අතීතයේදී හැකියාවක් තිබිණිද? නොතිබිණිද?.
වාචික සහ වාචික නොවන සම්ප්‍රදායන් ලෙස සමාජය තුළ පවත්නා ආනුභවික සහ ආනුභවික නොවන සාක්ෂි පදනම් කරගෙන ඉදිරියට රැගෙන යා හැකි අන්දමට පර්යේෂණය සැලසුම් කර ඇත. ගුවන් පුරා විද්‍යාවට සම්බන්ධ ගිනිකොණ දිග ආසියාතික ක්ෂේත්‍රවලින් ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කර මතු දක්වූ ගැටළුවලට පිළිතුරු සොයා ගැනීමට අදහස් කෙරේ.
උපන්‍යාසය
දේශීය වශයෙන් හෝ හෝ අන්තර්ජාතිකව හෝ පවත්නා සම්ප්‍රදායික වාචික සහ අවාචික පරිශීලන හෝ පුරාණ සාහිත්‍යයේ හෝ සඳහන් පුරාණ ගුවන් කටයුතු හා ඊට සම්බන්ධ තාක්ෂණයත්, පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධතාවක් ඇති දකුණු ආසියාතික ක්ෂේත්‍රත් අතර අන්‍යෝන්‍යය සම්බන්ධතාවයක් ඇත.
අරමුණ
දකුණු දිග ආසියාවෙහි ඓතිහාසික ක්ෂේත්‍රවල ඇති ගුවන් තාක්ෂණයට සම්බන්ධ වාචික සහ අවාචික සම්ප්‍රදායන් ඒකරාශී කිරීම සහ අධ්‍යනය කිරීම.
පර්යේෂණ සන්දර්භය
දකුණු ආසියාවේ ගුවන් තාක්ෂණයට අදාල පෞරාණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇති වාචික සහ අවාචික සම්ප්‍රදායන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීම
දත්ත ඒකරාශීකරණය
පොත පතෙන්
- පුරාණ පුස්කොළ පොත්වල සිට නූතන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල සඳහන් පර්යේෂණාත්මක තොරතුරු
- ලිඛිත මූලාශ්‍ර, පුස්තකාල සහ විද්‍යස්ථාන
- විවේචනාත්මක පාඨනය
- විවේචනාත්මක විවරණ
- පරිවර්තන
- ඩිජිටල් තාක්ෂණය, ගුවන් ඡායාරූප සහ විශ්ලේෂණය
- පෞරාණික කලා නිර්මාණ විවරණය කිරීම
සංචාරය කිරීමෙන් සහ පිරික්සීමෙන්
ගුවන් තාක්ෂණයට සම්බන්ධ පුරාණෝක්තිවල සඳහන් ක්ෂේත්‍ර නිරීක්ෂණය සහ වාචික හා අවාචික සම්ප්‍රදායන්හි එන භෞතික සාක්ෂි පිරික්සීම.
සම්මුඛ සාකච්ඡා
විවිධ පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම
- ශ්‍රී ලංකාවේ පුරාණ ගුවන් තාක්ෂණය හා බැඳුනු ස්ථාන ආශ්‍රිතව වැඩවසන භික්ෂුන් වහන්සේ සමඟ සම්මුඛ සාකච්ඡාවේ යෙදීම. ඒ හැරුණු විට එවැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව ජීවත්වන විදුහල්පතිවරුන්, ග්‍රාම සේවා නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා දත්ත ලබාගැනීම.
සටහන : විශේෂයෙන් සකස් කළ ප්‍රශ්නාවලියක් මෙහිදී භාවිතයට ගැනේ.
- මේ පර්යේෂණයට අදාල ලෝ පුරා ඇති දත්ත ලබාගැනීමට වෙබ් අඩවියක් / වියුණු සටහනක් (බ්ලොග් එකක්) නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම (ගුවන් තාක්ෂණයට අදාල පුරාණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වාචිකව සහ අවාචිකව දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ඇති තොරතුරුද, සාමාන්‍යය ජනයාගේ සහ වෘත්තිකයන්ගේ අදහස්, විවේචන හෝ සිතුවිලි)
- මේ වියුණු සටහන (බ්ලොග් එක) පවත්වාගෙන යන්නේ මගේ පශ්චාද් උපාධි පර්යේෂණයට දකුණු ආසියාවේ ගුවන් තාක්ෂණය පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහායි.