පර්යේෂකයා පිළිබඳව

දැක්ම

 

ශ්‍රී ලංකේය අනන්‍යතාවය ලෝකයට රැගෙන යාම

 

අධ්‍යාපනය  

 

රාජකීය විද්‍යාලය – කොළඹ

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු උසස් ප්‍රථමික සහ ද්විතියක අධ්‍යාපනය නිමා කළේ රාජකීය විද්‍යාලයෙනි. හමුදාමය අධ්‍යාපනය සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළු විණ. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක විද්‍යාවේදී උපාධිය ලබා ගන්නට හෙතෙම සමත් වූයේය.

 

ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය, පුහුණුව සහ අත්දැකීම්

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි ගුවන් නැවියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවේ වසර 2000දී පමණය. ක්‍රියාන්විතයෙහි නියැලෙන හෙලිකොප්ටර යානා නියමුවකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ හෙලිකොප්ටර පුහුණු පර්යන්තයෙන් සිය වෘත්තීය ජීවිතය අරඹන්නට ඔහුට හැකි විණ. එතැන් පටන් දශකයකට අධික කාලයක් ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි සේවය කළේය. අභියෝගාත්මක තීරණ ගත යුතු පරිසරයක් තුළ හමුදාමය ක්‍රියාන්විතයන් රැසකට සහභාගීවෙමින් තම පියාසර අත්දැකීම් පරිමාව වැඩි කරගන්නට ඔහුට අවස්ථාව ලැබිණ.

 

පුරා විද්‍යා අධ්‍යන

පුරා විද්‍යා පශ්චාද් අධ්‍යාපන ආයතනය – කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරා විද්‍යා පශ්චාද් අධ්‍යයන ආයතනයේ පුරා විද්‍යා ඩිප්ලෝමාව ලබාගන්නට හෙතෙම 2015 වසරේදී සමත් වූයේය. “ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුවන් තාක්ෂණය පිළිබඳ පුරාණෝක්ති සහ පුරා විද්‍යාත්මක ක්ෂේත්‍ර” යන මාතෘකාව යටතේ ඔහු සිය පර්යේෂණ කටයුතු ඇරඹුවේ එහිදීය.

  
  • 01 (1)
  • 01 (2)
  • 01 (3)
  • 01 (4)
  • 01 (5)
  • jquery slider
  • 01 (7)
slider jquery by WOWSlider.com v8.8

 

ඔහු, ඔහුගේ ශාස්ත්‍රපති සහ දර්ශනශූරී (ආචාර්ය) උපාධිවලට අදාල අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගත්තේද පුරාවිද්‍යා පශ්චාද් උපාධි අධ්‍යයන ආයතනයයි.

ශාස්ත්‍රපති සහ දර්ශනශූරී (ආචාර්ය) උපාධි සඳහා පුරා විද්‍යා විෂයය තෝරාගැනීම තුළ ඔහුගේ ඉලක්කය වී තිබුණේ ගුවන් පුරා විද්‍යා විෂයය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවෙහි ස්ථාපනය කිරීම මිස අනෙකක් නොවේ.

ඔහු වෘත්තියෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA SL) ගුවන් නියමු උපදේශකයෙකි. (Ground instructor Pilot for Airline Transport Pilot in Helicopter & Aero plane)

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි 2008 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ Heicopter stream Airline transport Pilot Licensing විභාගය සමත් වූයේය. එය සමත් පළමු ගුවන් නියමුවා ද ඔහුය.

 

ගුවන් නියමුවකුට ලබා ගත හැකි ලොව ඉහළම සුදුසුකම දක්වා ඔහු ගමන් කර තිබේ.

ඔහු 2010දී Civil Aviation Authority of United Kingdom Air Line Transport Licensing  විභාගය  සමත් වූයේය.

  • Ground instructor License for lecture the Airline Pilot License Ground Instructor License CAA SL Aero No -34
  • Airline Pilot License Ground Instructor License CAA SL Helicopter No -42
  • Commercial Pilot Aero Flying Crew License CAA SL No -717

යන සුදුසුකම් සම්පූර්ණ කරගනිමින් සිය වෘත්තීය ජීවිතය වර්ධනය කරගන්නට ඔහු මේ වනවිට සමත්ව ඇත.

 

යුරෝපා ගුවන් තාක්ෂණ ආරක්ෂණ ඒජන්සිය (EASA)

යුරෝපා ගුවන් තාක්ෂණ ආරක්ෂණ ඒජන්සියෙන් පහත සඳහන් සුදුසුකම් සපුරා ගන්නට අවසානයේදී ඔහු සමත් වූයේය.