ශ්‍රී ලංකාවේ ගුවන් පුරා විද්‍යා විෂය ක්ෂේත්රයෙහි නිර්මාතෘ
ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්ච BSc(Def)
පර්යේෂක
ගුවන් පුරා විද්‍යා ක්ෂේත්රය විශ්මය ජනක ශක්‍යතා සහිත ක්ෂේත්රයකි. ගුවන් තාක්ෂණය, ගමනාගමනය, සංචාරක කටයුතු සහ රටක සංස්කෘතිය අසීමාන්තික ලෙස යහපත්ව පෝෂණය කිරීමේ හැකියාව එයට ඇත. ගුවන් පුරා විද්‍යා ක්ෂේත්රයේ වර්ධනයත් සමඟ තරුණ කොටස්වලට ව්‍යවසායකත්ව පහසුකම් පුළුල්වීමක් ද සිදුවේ. අභිරහස්, පුරාණෝක්ති සහ ආනුභවික සාක්ෂි මේ විෂය ක්ෂේත්රය තුළ සුලභව දැකිය හැකිය. අතීතයත් වර්තමානයත් එකට ඈඳන ඉතා විචිත්‍රවත් ගෙත්තමක් ඒ හරහා මතුවේ. ඉන්මතු ඒ වියමන අනාගතය කරා ද දිවෙයි. ගුවන් නැවියටත්, වික්‍රමයන් පාන්නන්ටත්, නිදහස් මතධාරීන්ටත්, පර්යේෂකයන්ටත්, අංකුර ව්යාවසයකයන්ටත් මේ ක්ෂේත්රය තුළ ඉතාමත් යහපත් ප්රවණතාවන් ඇතිවන බවට, ගුවන් පුරා විද්‍යා ක්ෂේත්රයට කැමැත්තක් දක්වන අයත් එම ක්ෂේත්රයේ විවිධ වෘත්තිකයෝත් නිමිති පළ කරති. අහස මායිම වීම ම එහි භාව්යයයි. ගුවන් පුරා විද්‍යා විෂයය ක්ෂේත්රය ගැන බලාපොරොත්තු තබා ගැනීමටත් එම විෂයය ක්ෂේත්රය භුක්ති විඳීමටත් දැන් ඔබට අවස්ථාව හිමිව ඇත. මේ වියුණු සටහන (බ්ලොග් එක) සකසා මා එය පවත්වාගෙන යන්නේ මා කරගෙන යන පශ්චාද් උපාධි පර්යේෂණයට, දකුණු ආසියාවේ ගුවන් පුරාවිද්‍යාව පිළිබඳව දත්ත ඒකරාශීකර ගැනීම සඳහායි.
DOWNLOAD RESEARCH QUESTIONER
SINHALA
TAMIL
ENGLISH