අපේ ව්‍යාපෘති

අපේ ව්‍යාපෘති

ගුවන් තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ විස්තෘත අසම සම ව්‍යාපෘතිය

රාවණා ගුවන් ක්ෂේත්‍ර විද්‍යස්ථානය 2012 වසරේ අග භාගයේදී ස්ථාපනය කරනු ලැබුවේ එම දැක්ම ඇතිවයි. තේමාවෙහි සඳහන් පරිදිම මගේ අභිප්‍රාය එය ගුවන් තාක්ෂණය පිළිබඳව වෘත්තියමය අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් බවට පත් කිරීමයි.

www.ravanaaviation.com .

රාවණා ගුවන් ක්ෂේත්‍ර විද්‍යස්ථානයේ සමාජ ස්ථායිකරණ ජාතික වගකීම් ව්‍යාපෘතිය

  • 01 (5)
  • 01 (3)
  • 01 (4)
  • html slideshow
  • 01 (2)
wow slider by WOWSlider.com v8.8

යාපනය මධ්‍යය මහා විද්‍යාලයේ පාසල් ගුවන් තාක්ෂණ සමාජයක් ස්ථාපනය කරමින් ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි සිය සමාජ වගකීම් ඉටුකිරීම පුළුල් කළේය. ඔහු ස්ථාපනය කළ ගුවන් තාක්ෂණ පාසල් සමාජය උතුරු පළාතෙහි ස්ථාපනය කෙරුණු පළමු ගුවන් තාක්ෂණ පාසල් සමාජය විණ. ගුවන් තාක්ෂණය පිළිබඳ දේශන පවත්වමින් ග්‍රාමීය පළාත්වල පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ඔහු ආරම්භ කළේය. මසකට දේශනය බැගින් දේශන 12ක් ලබාදීම මේ වැඩපිළිවෙලට ඇතුළත්ය. දේශන මාලාවට සාර්ථකව සහභාගී වන දරුවන්ට රාවණා ගුවන් ක්ෂේත්‍ර විද්‍යස්ථානයේ පැවැත්වෙන විභාගයකට මුහුණ දෙන්නටත් ඉන් සමත් වී සහතිකයක් ලබාගන්නටත් අවස්ථාව උදා වේ. එසේ ලබාගන්න සහතිකයත් උසස් පෙළ විභාගයේ Z අගයත් විදේශ ශිෂ්‍යත්වවලට ඉල්ලුම් කිරීමේදී වැදගත් වන බව ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි මහතා පවසයි. මේ වැඩ සටහන තවදුරටත් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැන් කටයුතු සංවිධානය කෙරේ. ඉන්දීය ගුවන් තාක්ෂණ ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි මහතා සිය පූර්ණ දායකත්වය සැපයුවේය.

ඊට යාපනයේ ඉන්දීය කොන්සෝල් ජෙනරාල්වරයාගේ විශේෂ මැදිහත් වීමක් ද තිබේ.

 

ගුවන් තාක්ෂණය සඳහා සරුංගල් ගුවන් සංදර්ශන

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි මහතාගේ මඟ පෙන්වීම සහ සංවිධානය කිරීම මත “සරුංගලයෙන් උඩුගුවනට” (Kite to Aviation) තේමාව යටතේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. දරුවන්ගේ ගුවන් තාක්ෂණ හැකියාව වැඩි දියුණු කරන්නටත් ඒ පිළිබඳව ඔවුන්ට සිහින දකින්නටත් මෙය වැදගත් වේ. වැඩපිළිවෙල හරහා සිදු කෙරෙන්නේ දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් අනුව සරුංගල් නිර්මාණය කිරීමට ඉඩ සැලසීමයි. එයින් දරුවන්ගේ නිර්මාණශීලිත්වය අවධි කිරීමක් සිදු වේ. ලෝකයට නව සරුංගල් මෝස්‌තර හඳුන්වාදීමට මෙය මාවතකි. ගුවන සමඟ සන්නිවේදනය කරමින් ගනුදෙනු කිරීමට දරුවන්ව හුරුකිරීමත් මේ හරහා සිදුවන බව ගුවන් කපිතාන්වරයා සඳහන් කරයි.

ඒ පිළිබඳව www.rakasl.com (Ravana Aviation Kite Association of Sri Lanka) යන වෙබ් අඩවියෙන් විස්තර දැන ගත හැකිය.

 

2014 – දිවා සරුංගල් සංදර්ශනයක් කොළඹදී පැවැත් විණ.

2016 – දිවා සහ රාත්‍රී සරුංගල් සංදර්ශනයක් යාපනයේදී පැවැත් විණ.

රාත්‍රී සරුංගල් සංදර්ශන

2017 – වෙසක් ආලෝකවත් කිරීමේ රාවණා ගුවන් තාක්ෂණ සරුංගල් සංදර්ශනය 2017 වසරේ වෙසක් පොහෝ දින පැවැත් විණ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ පර්යේෂණයක් ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි මහතා 2011 වසරේදී සිදු කළේය. එහි වාර්තාව එම ක්ෂේත්‍රයෙහි එවකට සිටි බලධාරීන් අතට පත් කරන ලදී. අත්‍යවශ්‍ය ආහාර බෝග වගාව, ප්‍රවාහනය, ගබඩාකරණය යනාදී කටයුතු සඳහා අනුගමනය කළ හැකි ක්‍රමෝපායයන් රැසක් මේ පර්යේෂණයෙන් නිර්දේශ කර ඇත. ඕනෑම අවස්ථාවකදී වෙළඳපොළේ ඇතිවන ඉල්ලුමට සරිලන ලෙස අඩු මුදලකට අත්‍යවශ්‍ය ආහාර බෝග පාරිභෝගිකයා අතට පත් කිරීමේ වැඩ පිළිවෙලක් නිර්මාණය වන අන්දමත් උක්ත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම ආහාර බෝග සම්බන්ධයෙන් පාලන මිලක් පවත්වාගෙන යාමටත් එම නිර්දේශ වැදගත් වන බවත් හෙතෙම අවධාරණය කර තිබිණ.

ගුවන් කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේ ආරච්චි මහතා ඔහුගේ කාලය වැඩි ප්‍රමාණයක් මෙවැනි වැදගත් පර්යේෂණ සඳහා මිඩංගු කර ඇත. එමෙන්ම ගුවන් තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අනාගත පරම්පරාව දැනුම්වත් කිරීමේ කාර්යයෙහි ඔහු නියැලී සිටී. මේ වනවිට ඔහු සතු බුද්ධිමය දේපල සංඛ්‍යාව නවයක් පමණ වේ. ඔහුගේ අවසන් අරමුණ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකය වෙත රැගෙන යාමයි.