ලාංඡනය

වම් පැත්තෙහි රතු පැහැ A අකුරෙන් සංකේතවත් වන්නේ ගුවන් ක්ෂේත්‍රයයි.

දකුණු පැත්තෙහි රතු පැහැ A අකුරෙන් සංකේතවත් වන්නේ පුරා විද්‍යාවයි.

මකුළුවා – අතීත ජනයා ගුවන තුළ කළ කිසිදු දෙයක ශේෂයන් අල්පමාත්‍රයක්වත් අප අත අද නැත. ගුවනෙහි කරන බොහෝ දේ කාලයේ සහ අවකාශයේ සැඟ වී යයි. ගුවන සම්බන්ධයෙන් එය යථාර්තයකි. මකුළුදැල වියන්නේ මකුළුවාය. මකුළුදැලක රැඳී ඇති දේ විශ්ලේෂණය කිරීමෙන් වායු ධාරාව ගැනත් කලකට ඉහතදී එම වායු ධාරාව තුළ සිදු වූ සිද්ධි ගැනත් අවබෝධයක් ලබා ගන්නට පුළුවන. ඒ අනෙකක් නිසා නොව මකුළුවා බඳින දැලෙහි රැඳී පවත්නා යම් යම් දේ නිසාය. ඒ අනුව වායු ගෝලීය අවසාදිතයෙහි මූලිකයා මකුළුවා බව කිව හැකිය. මකුළුවා සංකේතය හැටියට යොදාගෙන තිබෙන්නේ ඒ අරුත ඇතිවයි.

මකුළුදැල –  වායු ගෝලීය අවසාදිතය මකුළුදැල බැවින් එය සංකේතයක් ලෙස මෙහි යොදාගෙන ඇත.

මකුළුවාගේ ගාත්‍රා  – වාමාවර්තව

1 වන ගාත්‍රාය – වාචික සම්ප්‍රදායන්

2 වන ගාත්‍රාය – වාචික ප්‍රාසාංගිකයන්

3 වන ගාත්‍රාය – වාචික කලා

4 වන ගාත්‍රාය – ලිඛිත මූලාශ්‍ර

5 වන ගාත්‍රාය – වාචික සාහිත්‍යය (verbal literature)

6 වන ගාත්‍රාය – ජනප්‍රවාද හා බැඳි සාහිත්‍යය

7 වන ගාත්‍රාය – ආඛ්‍යාන (narratives)

8 වන ගාත්‍රාය – අක්ෂර, කලා, කැටයම් හෝ වෙනත් ආකාරයේ සංකේත

දළ යුගලය – මකුළුවා සිය දළ භාවිතයට ගන්නේ ඉගිලී යන කෘමින් අල්ලා ගැනීමට සහ තමන් අවට ඇති අනවශ්‍ය දේ ඉවත් කිරීම සඳහාය. මකුළුවාගේ දළ දෙකෙන් මෙහි සංකේතවත් වන්නේ දත්ත ඒකරාශී කිරීම, ඒ හරහා පෞරාණික ගුවන් ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ක්ෂුද්‍ර පුරා විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් එම ක්ෂේත්‍රවල අවසාදිත හෝ තැන්පතු හෝ පිළිබඳව පරික්ෂා කර බැලීම යන කාරණයන්ය.

රතු පැහැය – ගුවන් තාක්ෂණය සහ ඊට සම්බන්ධ ඓතිහාසික තාක්ෂණික ක්‍රම ගැන සොයා බැලීමේ බලවත් උනන්දුව.

නිල් පැහැය – ගුවන් ක්ෂේත්‍රය හැමවිටම සම්බන්ධ වන්නේ ගුවන සමඟය. නිල් පැහැයෙන් සංකේතවත් වන්නේ පෘථිවි වායු ගෝලයයි.

කළු පැහැය – පෞරාණික ගුවන් තාක්ෂණය සමඟ අබිරහස් විශාල ප්‍රමාණයක් ගැබ්ව ඇත. ඒ අභිරහස්‍යය බව සංකේතවත් කෙරෙන්නේ කළු පැහැයෙනි.