අන්තර්ජාතික පුරාණෝක්ති

ශ්‍රී ලංකාවේ පුරාණ ගුවන් තාක්ෂණය පිළිබඳව සඳහන් අන්තර්ජාතික පුරාණෝක්ති
 

  • cfe2d0e64fd3a2afb3923b06326e6c51--ancient-symbols-ancient-aliens
  • Ancient-Aliens-Cave-Valcamonica-Italy
  • ancient-aircraft-colombia
  • Annunaki
  • crystallinksdotcom
  • jesusUFO
  • ec282c38573bee1d098f950227a510b7--ancient-aliens-ancient-art
  • egypt-abydos-ancient-aliens-29404894-1240-886
  • slideshow html code
  • prehistoric Flight
slideshow html code by WOWSlider.com v8.8

 

පුරාණයෙහි අසම සම ගුවන් තාක්ෂණයක් මේ මිහිමත පැවැති බවට තොරතුරු ඇත. ලොව මෙතෙක් පහළ වූ ශිෂ්ටාචාර රැසක ජීවත් වූ මිනිසුන් එක්කෝ ගුවනින් ඉගිලෙන්නට සිහින මවමින් සිටියා විය යුතුය. නැත්නම් ගුවනින් සිය ප්‍රවාහන කටයුතු කර ගන්නට බලා සිටියා විය හැකිය. ඒ දෙකම නැත්නම් ගුවන ඇසුරු කරගත් පාරභෞතික ක්‍රියාකාරිත්වයන් ඔවුන් දකින්නට ඇතැයි කියා සිතන්නටත් පුළුවන.

ජාත්‍යන්තරයෙහි ජීවත්වන සියලුදෙනාගෙන් විවෘත ඉල්ලීමක් කරන්නට මම කැමැත්තෙමි. අතීත ගුවන් තාක්ෂණය පිළිබඳ පුරාණෝක්තීන් දන්නේ නම් ඒවා පහත දැක්වෙන මාතෘකාවන්ට අදාලව සඳහන් කර එවන ලෙස මම ඉල්ලා සිටිමි. අතීත ගුවන් තාක්ෂණය පිළිබඳව ඔබ සතු කවර ආකාරයේ අත්දැකීමක් වුව ලියා එවන්නට ඔබට නිදහස ඇත. එමෙන්ම ඔබ භාවිත කරන ඕනෑම භාෂාවකින් ඒවා මා වෙත යොමු කරන්නටත් ඔබට නිදහස් ඇති බව දන්වනු කැමැත්තෙමි.

  • පුරාණ ගුවන් නියමුවන්
  • පුරාණ ගුවන් යානා
  • පුරාණ ගුවන්තොටුපොළ
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සිතුවම්
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ කැටයම්
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ මානව කෘති
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නර්තන
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ සම්ප්‍රදායික නාද රටා
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ද්වාර කර්ම
  • ගුවන් තාක්ෂණයට සම්බන්ධ පුරාණ කාර්මික ශිල්පයන්
  • අභිරහස් ස්ථාන හෝ පුරා විද්‍යාත්මක වශයෙන් හෝ වැදගත් ස්ථාන
  • පුරාණ ගුවන් තාක්ෂණයට සම්බන්ධ ජනප්‍රවාද

ලුහුඬු සටහන්, හඬපට සහ වීඩියෝ ඇමුණුම් හෝ වෙනත් කිසිවක් හෝ භාවිතයට ගනිමින් ඔබට ඔබේ කතාව ඉදිරිපත් කළ හැකිය.

එම මාධ්‍යවල සබැඳි යොමුකරන්නටත් අවස්ථාව තිබේ.